ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේත් ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී හෙට පැවැත්වීමට නියමිත නියමිත ආණ්ඩු පක්ෂ රැස්වීමට තම පාර්ශ්වය එක් නොවන බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවැසීය.
හෙට දිනයේදී ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමක් පැවැත්වෙන බවට තමන්ට දැනුම් දුන් බවද ඔහු පැවැසීය. කෙසේ වෙතත් තමන් ඇතුළු පාර්ශ්වය දැන් සිටින්නේ ආණ්ඩු පක්ෂයේ නොව විපක්ෂයේ බවද ඔහු අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවැසීය.